UEFA Champions league 2022/23 review by FullTime LK – Inter Milan vs Manchester City



යුරෝපයේ club football season එකේ අවසානය සනිටුහන් කරන, Champions League අවසන් තරඟය ජූනි 10 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පවත්වන්න සියලු කටයුතු සූදානම් කරල තියන්නේ. යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ කිරුළ කියල හඳුන්වන Champions league වාර්ෂිකව කළාපයේ හොඳම පාපන්දු ක්‍රීඩා සමාජ 32 සහභාගීත්වයෙන් තමයි පවත්වන්නේ. කණ්ඩායම් හතර බැගින් වුන කාණ්ඩ අටක් යටතේ මූලික වටයේ තරඟ පැවැත්වෙන අතරෙ, කාණ්ඩගත කණ්ඩායම් එකිනෙකා සමඟ තරඟ දෙක බැගින් සම්පූර්ණ තරඟ හයක් ක්‍රීඩා කරනවා.

තරඟ හය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගන්න කණ්ඩායම් සුපිරි දහසය දෙනාගෙ වටයට සුදුසුකම් ලබනවා. සුපිරි දහසය වටයේ සිට තමාගෙ ප්‍රතිවාදියා තීරණය කරන්නේ අහඹු ලෙස සිදු කරන ඩ්‍රෝ එකකින්.

මංගල චැම්පියන්ස් ලීග් තරඟාවලිය පවත්වලා තියෙන්නෙ වර්ෂ 1955 දි. Real Madrid කණ්ඩායම තමයි එහි ජයග්‍රාහකය වුනේ. champions league ඉතිහාසයේ වැඩිම වාරයක් කුසලානය ජයග්‍රහණය කරල තියෙන්නෙත් ස්පාඤ්ඤයේ Real Madrid කණ්ඩායම. (දා හතර වතාවක්). ඊට පස්සේ AC Milan (හත් වතාවක්), Bayern Munich සහ Liverpool (හය වතාවක්) Barcelona (පස් වතාවක්) ශූරතාවය දිනාගෙන තියනවා.

මෙවර champions league අවසන් තරඟයට සුදුසුකම් ලැබුවේ එංගලන්තයේ Manchester City ක්‍රීඩා සමාජය සහ ඉතාලියේ Inter Milan ක්‍රීඩා සමාජය. සිටී කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් ලෙස Erling Haaland, Kevin De Bruyne, Ilkay Gundogan, Jack Grealish නම් කරන්න පුලුවන්. වැඩිපුර ගෝල වලට සම්බන්ධ නොවුනත්, Rodri, John stones සහ Ruben Dias කියන්නෙත් සිටී පිළේ නැංගුරම තරම් වටින ක්‍රීඩකයෝ.

ඉන්ටර් මිලාන් පිළ ගැන කතා කරනවනං Eden Dzeko, Lautaro Martinez, hakan calhanoglu, Henrikh Mkhitaryan ගැන මතක් කරන්නම ඕනේ. මෙවර තරඟාවලියේ වැඩිම ක්ලීන් ශීට් ගානක් තියෙන්නෙ ඉන්ටර් මිලාන් කණ්ඩායමට . ඒ කියන්නෙ මිලාන්ට එරෙහිව ගෝල රැස් කරන එක හිතන තරම් ලේසි වෙන්නෙ නැතිවෙයි.

Pep guardiola ප්‍රමුඛ මෑන් සිටි පිලට චැම්පියන්ස් ලීග් හීනය හැබෑ කරගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්තං ඉන්ටර් මිලාන් පිලට ඔවුගෙ සිව්වෙනි චැම්පියන්ස් කිරුල දිනාගන්න පුලුවන් වෙයිද?

#messi #mancity #manchestercity #intermilan #inter #milan #haaland #kdb #debruyne

equipacion borussia dortmund 2024 Aquí puedes encontrar todos los vídeos de noticias sobre La Liga, la Premier League, la Horquilla, la Bundesliga y la Bundesliga.


Publicado

en

por